(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ ජයමාල් චන්ද්‍රසිරි)
පන්නිපිටිය වීර මාවතේ වීර උයන ප්‍රදේශයේ වෙල්යායක් ගිනි තැබීමෙන් ඒ අසල තිබූ වසර සියයකට වඩා පැරණි බෝධි වෘක්ෂයක් අද (30) ගිනිගෙන විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
වෙල්යායක් අසල මෙම බෝධීන් වහන්සේ රෝපණය වී ඇති අතර ගොයම් කැපීමෙන් එකතුවෙන පිදුරු තොගයක් බෝධීන් වහන්සේ අසල තබා කිසියම් අයෙකු විසින් ගිනි තබා ඇති බවත් ගින්නෙක් බෝපත් විශාල ප්‍රමාණයක් හානි වී ඇති බවත් ඔවුහු පවසති.
මෙය කවරෙකු විසින් සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව බව ද පැවසේ.
වසර සියයකට වඩා පැරණි මෙම බෝධීන් වහන්සේ අනුහස් ඇති ස්ථානයක් බවත් දිනපතා ප්‍රදේශවාසීන් එක්ව වන්දනාමාන සිදු කරන තැනක් බවත් ඔවුහු කියති.