පන්නල පවුල් 734ක් අවතැන් - හානි ගැන සමීක්ෂණ ඇරැඹේ


හේමලතා ඩී හේවගේ 
 
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ග්‍රාම සේවා වසම් වසි දෙකකට බලපෑ ගංවතුර තත්ත්වය හේතූවෙන්    අවතැන්වූ  පවුල් 734කගේ  නිවාස ඇතුළු  දේපල හානි පිළිබඳව සමීක්ෂණ කටයුතු ආරම්භකර ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න මහතා පැවසීය.

 
ජලගැල්මෙන් පූර්ණවශයෙන් හානිවූ නිවාස 12 ක් සහ අර්ධවශයෙන්  හානිවූ නිවාස  35 ක් මේවන විට වාර්තාවී ඇති අතර හුන්දිරාපොල , කන්දෙපොල, වෙල්පල්ල ඇතුඵ ප‍්‍රදේශ ගණනාවක අතුරු මර්ග වලට විශාල ලෙස හානි සිදුව ඇති බවත් ජලගැල්මෙන් යටවූ ළිං  230 ක් පිරිසිදුකරීමට අවශය කටයුතු කරන බවත්  වික්‍රමරත්න මහතා කීවේය.      
                                                                                                                
 මෙම අවතැන්වූ පිරිස් වෙත පිසූ ආහාර,  පානීය ජලය සහ ඇඳුම් ලබාදුන් බව කී ප්‍රාදේශීය ලේකම්වරයා   දරුවන්ගේ හානිවූ පොත්පත් වෙනුවට අලුත් පොත්පත් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සඳහන් කළේය.