මෙරටට පැමිණි සිටින පකිස්තාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
ආසියා කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට කලාපීය සහයෝගීතාවය ලබාගැනීම සදහා නිල ඉල්ලීමක් සාක් සමුඑවේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනපති කීවේය.
පකිස්තානයේ අගමැති නවාස් ෂරීෆ්ගේ සුබපැතුම් ජනපති වෙත පිළිගැන්වූ එරට ගුවන්හමුදාපතිවරයා, ආරක්ෂක අංශ ක්ෂේත්‍රයේ දී දෙරට අතර මනා සබදතාවක් පවතින බවද පැවසීය.
මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල, පකිස්තානයේ මහකොමසාරිස් සෙයිද් ෂකීල් නුසේන් යන මහත්වරු ද සහභාගී වී සිටියහ.