නෝර්වුඩ්හි වසාදැමුණු විද්‍යාලය යළි අරී


(රංජිත් රාජපක්ෂ)

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන  තාවකාලිකව වසා දමා තිබු නොර්වුඩ් දමිළ මහා විද්‍යාලය අද(21) දින යලිත් විවෘත කර ඇත.
 
එම පාසලේ ඉගැන්විම් කටයුතු සිදු කල ගුරුවරියකට, 9 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකුට සහ සිසුවියකට කොවිඩ් 19 වයිරසය අසාදනය වීම නිසා මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි එම පාසල ඉකුත් 07 දින සිට තාවකාලිකව වසා දැමීමට හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.ශ්‍රිදරන් මහතා කටයුතු කළේය.
 
සෞඛ්‍ය අංශ උපදෙස් අනුව එම පාසල සම්පුර්ණයෙන්ම විෂබීජහරණය කිරීමෙන් පසු අද (21) දින සිට අධ්‍යාපන කටයුතු සදහා විවෘත කලද පාසලට ළමුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.
 
එම පාසල සිසු සිසුවියන් 1500 කට ආසන්න පිරිසකගෙන් සහ අචාර්ය මණ්ඩලයේ 72 දෙනෙකුගෙන් සමන්විත වෙයි.
 
කොවිඩ් 19 වයිරසය අසාදනය වු ගුරුවරියගේ පවුලේ සමාජිකයන්, ඇගේ සමීපතයින් සහ පාසල් සිසු සිසුවියන් දෙදෙනාගේ ළගම ආශ්‍රිතයින් විශාල පිරිසක් තවදුරටත් ස්වයං නිරෝධානයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කලහ.