(රංජිත් රාජපක්ෂ)
හැටන් නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ පිහිටි ලංකා බැංකුව සතු සංචාරක නිකේතනයක අද (08) පස්වරු 6.30 ට පමණ ගින්නක් ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය.
දික්ඔය මූලික රෝහල අසළ පිහිටි මෙම සංචාරක නිකේතනයේ උඩු මහලින් ගින්න හටගෙන ඇති බව පොලිසිය පැවසීය.
සංචාරක නිකේතනය ගිනි ගන්නා අවස්ථාවේ එහි කිසිඳු අයෙකු නොසිටි බවත් ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවත් පොලිසිය කීය.
පැතිර යමින් පවතින ගින්න පාලනය කිරීම සඳහා නොර්වුඩ් පොලිසිය සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සහයක නිරත වූ බව පොලිසිය පැවැසීය.
මෙම සංචාරක නිකේතනය වසර 100 කට වඩා ඉපැරණි අතර එම සංචාරක නිකේතනය වර්තමානයේ ලංකා බැංකුව සතු එකක් බවත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් නොර්වුඩ් පොලිසිය පැවැසීය.