නුසුදුසු ආහාර විකිණු වෙළෙඳසල් 22 කට නීතීමය පියවර


(අනීෂා මානගේ)


අගුණුකොළපැලැස්ස සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කොට්ඨාසය තුළ සිදුකළ රාත්‍රී වෙළදසැල් පරික්ෂාවකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවියට තැබූ වෙළදසැල් විසිදෙකක් සඳහා නඩු පැවරීමට මහජන පරික්ෂක මහත්වරු ක්‍රියාකළහ. 


අගුණුකොළපැලැස්ස නගරය හා අවට ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකළ අතර එහිදී වෙළදසැල් හැටහතරක් පරික්ෂාවට ලක් කෙරිණි.

 
ඇසුරුම් විනාශ වූ ටින්මාළු, කල් ඉකුත් වූ බිස්කට්, කල් ඉකුත් වූ පැණි බීම, කල් ඉකුත් වූ සෝයා වර්ග, කුකුළු අසූචි තැවරුණු බිස්කට්, මුද්‍රිත පත්තර වල ඔතන ලද ආහාර, නුසුදුසු අයුරින් ශීතරකරණ වල ගබඩා කල පිසූ ආහාර, සාව්‍ය ලේබල් සහිත බයිට් හා ඉදිරි දිනයොදා ලේබල් කරන ලද මුදවන ලද කිරි ආදිය අලෙවි කිරීමට තැබූ වෙළදසැල් විසිදෙකක් සදහා නඩු පැවරීය.