(සම්පත් ජයලාල් සහ ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය නගරයේ, පරණ කඩ වීදියේ ඇති වූ ගින්නක් හේතුවෙන් වෙළඳසැල් දෙකකට බරපතල අලාභ හානි සිදුවිය.
අද දහවල් ආපනශාලාවකින් ඇති වූ ගින්න යාබද වෙළඳසැලටද පැතිර ගොස් තිබු අතර, ක්ෂණිකව මැදිහත්වූ නුවරඑළිය මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය, නුවරළිය පොලිසියේ හා නගරවාසීන්ගේ සහයෝගය ඇතිව පැයකට අඩු කාලයකදි නිවා දැමීය.
මේ හේතුවෙන් අනෙකුත් වෙළඳසැල් කරා ගින්න පැතිරීයාම වැළැක්වුණි.
ගිනි ගැනීමට හේතුව විදුලි කාන්දුවිමක් බවට සැක පහල කරන අතර, නුවරඑළිය මුලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.
ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි
(ඡායාරූප - සම්පත් ජයලාල් )