(නිමන්ති රණසිංහ)
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි නුවරඑළිය මහනගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ ගමගේ මහතා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (8) නියම කළාය.
නුවරඑළිය මහ නගර සභාව මගින් දිර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන නගරාධිපති අරමුදලට මුදල් බැර කිරිම අල්ලස් පනතට අදාළ නොවන බැවින් මෙලෙස සියලු චෝදනා වලින් නිදහස් කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.
නුවරඑළිය මහනගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ මහතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව චෝදනා 3 ක් යටතේ ඉකුත් අගෝස්තු මස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.