නුවරඑළිය - මීපිලිමාන පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වෙයි


(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
 
නුවරඑළිය සිට මීපිලිමාන දක්වා දිවෙන මාර්ග අංක 749 මාර්ගයේ දිනපතාම ධාවනය කරන පෞද්ගලික බස්රථ හිමිකරුවෝ අද(22) පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත්ව විරෝධතාවයකට එක්ව සිටියහ.
 
අදාල මාර්ගයේ මහනුවර සිට හොර්ටන් තැන්න ජාතික වන උද්‍යානය දක්වා දිවෙන බස්රථයක හිමිකරුවකු, ඊට නියමිත කාලසටහනට අනුකූලව ධාවනය නොකර නුවරඑළිය සිට මීපිළිමාන දක්වා දිවෙන බස්රථවලට පාඩුවක් ගෙන දෙමින් මගීන් නංවාගෙන යාමට විරෝධය පළකරමින් ඔවුහු විරෝධයට එක්ව සිටියහ.
 
නුවරඑළිය මීපිලිමාන පදිංචි බස් රථ 10 ක හිමිකරුවෝ, රියදුරෝ හා සහයකවරු සියලු දෙනාම මෙම විරෝධතාවයට සහභාගීවූහ.