නීතීවිරෝධී ධීවර දැල් 25 ක් සොයාගනී



මඩකළපුව, කළපු  ප්‍රදේශයේ සිදු කළ සෝදිසියකදී  නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා  ගන්නා ධීවර දැල් 25 ක් සොයාගත්  බව නාවික හමුදාව පවසයි.


නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් මෙම මෙහෙයුම කර ඇත.


එලෙස සොයගත්  අඩි 150 ක පමණ දිගකින් යුත් තහනම් ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු යොදා ඇතැයිද නාවික හමුදාව සඳහන් කළේය.

 

(36698)