නීතී විරෝධීව මසුන් ඇල්ලු 5 ක් අත්අඩංගුවට


නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
 
ත්‍රිකුණාමලය සහ  බැක්බේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
 
 නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින්  කළ සෝදිසියකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වු බව නාවික හමුදාව සඳහන් කළේය.
 
 ඔවුන් සතුව තිබී තහනම් දැලක්, ඩිංගි යාත්‍රාවක් සහ අල්ලන ලද මසුන් කිලෝ ග්‍රෑම් 43 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.  
 
 අත්අඩංගුවට ගත් පුද්ගලයින්, තහනම් දැල, යාත්‍රාව, මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න, ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කර ඇත.

(36698)