නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවට


(දියතලාව - ඩී.කේ.රත්න)
හපුතලේ බෙරගල ප්‍රදේශයේ සිට ඌවපරණගම ලූණුවත්ත ප්‍රදේශයට ලොරි රථයකින් හොර රහසේ එළ ගවයින් ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (4) දා එළගවයින් තිදෙනෙකු හා ලොරි රථයක් සමග හපුතලේ විහාරගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතයි හපුතලේ පොලීසිය පවසයි.

හපුතලේ කැල්බර්න් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හා ඌවපරණගම ලූණුවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු එළගවයින් තිදෙනෙකු හා ලොරි රථයක් සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

නාදුනන පුද්ගලයින් තිදෙනෙකු හොර රහසේ එළ ගවයින් ප්‍රවාහනය කරන බවට හපුතලේ පොලීසියට ලැබණු තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි හපුතලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ හපුතලේ පොලීසිය විසින් මේ පිළිබදව පරීක්ෂණ සිදු කරන අතර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.