(විනීතා එම් ගමගේ)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව නීතිවිරෝධී විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලියාපදිංචි රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය ඇය එහිදී කළ නොයෙක් වංචා දූෂණ හේතුවෙන් එය තහනම් කර ඇති බැවින් මෙසේ ව්‍යාජ ඒජන්සියක් ආරම්භ කොට ඇතැයි හෙළි වී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, නව නගරය, 03 වන වීදිය, අංක 561$87 දරන ස්ථානයේ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගිය 57 හැවිරිදි කාන්තාවකි.
වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි තිබී ගමන් බලපත්‍ර 45 ක්, පවුල් පසුබිම් වාර්තා, වෛද්‍ය සහතික, රැකියා වීසා බලපත්‍ර, අදාළ ආයතනයේ ලිපි ශිර්ෂ හා තවත් ලේඛන රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මෙම සැකකාරිය විසින් ගලේවෙල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහි විවිධ අක්‍රමිකතා හේතුවෙන් එහි බලපත්‍රය 20.01.01 දින අත්හිටුවා ඇති බව අනාවරණය වූ බවත් කාර්යංශයේ විමර්ෂණ අංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකකාරිය අනුරාධපුර කම්කරු විනිශ්චය සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර රු.50,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපමත ඇය මුදාහැර තිබේ.