(ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු 47 හැවිරිදි මහනුවර නගරයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි .
ඔහු විසින් ගෙනැවිත් තිබූ විශාල ගමන් මලු දෙකක රුපියල් 19,20,000 ක් වටිනා දුම්වැටි 32,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 160 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබිණී.