(ටී.කේ.ජී.කපිල )
ඩුබායිහි නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු අද (5) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොවුන් කොළඹ , මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 58, 40 සහ 18 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයන් පිරිසකි .