(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී අයුරින් රජයේ මත්පැන්වලට සමාන මත්පැන් නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයින් 9 දෙනෙක් කළුතර හීනැටියන්ගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් සිව් දෙනෙක් වනබව පොලිසිය සඳහන් කරයි.
එතනෝල් නිෂ්පාදනයට , මත්පැන් පිරවීමට , බෝතල් වලට මූඩි සවි කිරීමට යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර , මත්පැන් පිරවූ බෝතල් 4000 ක් , බැරල් 16 ක අඩංගු එතනෝල් ලීටර් 4000 ක් , හිස් කාලේ බෝතල් පහලොස් දහසකට ආසන්න ප්‍රමාණයක් , එයට සවි කරන මූඩි හතලිස් දහසක් සහ ලේබල් තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
මත්පැන් වල සැර පරීක්ෂා කරන ලද විශේෂිත උපකරණයක් ද පොලිස් භාරයට ගත් අතර එම උපකරණ සුරාබදු දෙපාර්තමේන්තුවේ උපකරණ තුනකින් කෙරෙන කාර්යය සිදු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.