(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
උඩප්පුව පුනපිටිය මුහුදු තීරයට හානි වන අයුරින් මාදැල් කර්මාන්තයේ නිරත වූ ධීවරයින් තිදෙනෙකු සමඟ ට්‍රැක්ටර් තුනක් තම්බපන්නි නාවික නිලධාරීන් සහ පුත්තලම ධීවර නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් උඩප්පුව පුනපිටිය පදිංචිකරුවය.
මෙම ධීවරයින් පිරිස වෙරළ තීරයට හානි වල ලෙස ට්‍රැක්ටර් වෙරළ තීරයේ එහා මෙහා ගෙනයමින් ට්‍රැක්ටර් වල සවිකර ඇති කුඩා දොඹකර ආධාරක යොදා ගනිමින් මා දැල් කර්මාන්තයේ යෙදි සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අදාල වැටලීම පුත්තලම තම්බපන්නී නාවික කඳවුරේ නිලධාරින් විසින් සිදුකර ඉදිරි පරීක්ෂණ සඳහා ධීවර සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට හෙට (17) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.