නීති විරෝධී ඉන්ධන අලෙවි හලක් වටලයි


(රන්න චන්ද්‍ර සේන ගමගේ)   

                  
නීති විරෝධීව නිවසක පවත්වාගෙන යනු ලැබූ ඉන්ධන අළෙවිහලක් අද (02) දහවල් තංගල්ල කොට්ඨාස දිසා විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් වටලා එහි ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 50 000 ට වැඩි ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඉන්ධන ගබඩා කර තිබූ හා ප්‍රවාහනය සඳහා යොදාගත් ලොරි රථ 07 ක් ද පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම නීති විරෝධී ඉන්ධනහල වසර 10ට වැඩි කාලයක් තිස්සේ පවත්වා ගෙන ගොස් ඇති බව සඳහන් කරන පොලීසිය ඉන්ධන අළෙවිහලේ හිමිකරු අත් අඩංගුවට ගත් බවද පැවසීය.

මෙම නීති විරෝධී ඉන්ධන අළෙවි ස්ථානයට විවිධ අයථා ක්‍රම මගින් ඉන්ධන ලැබී ඇති බවත් ධීවර යාත්‍රා සඳහා ඉන්ධන ලබා දෙන ස්ථානයක් බවත් පොලීසිය හඳුනා ගෙන තිබේ.