නිවෙස්වලට ඇතුළුවී භාණ්ඩ සොරකම් කළ 3ක් අත්අඩංගුවට


රාස්සගල සමිපත් ප්‍රියනන්දන  


බලංගොඩ දෙහිගස්තලාව ගෙවල්  කිහිපයක් බිඳ රුපියල් පනහකට ආසන්න ගෘහ විදුලි උපකරණ සොරාගත් පුද්ගලයන් තිදෙනෙකු අද(12) දා සොරගත්  භාණ්ඩ ද  සමඟ අත්අඩංගුවට ගත් බව බලංගොඩ පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් බලංගොඩ  නගරය  ආසන්නයේම පදිංචිකරුවන් බව පොලිසිය කියයි.                                                                       
සැකකරුවන්   ළඟ තිබූ  ඩී.වී.ඩී. යන්ත්‍ර, ගෑස්  සිලින්ඩර  සමඟ  තවත්  භාණ්ඩ  රැසක්  පොලිසිය  අත්අඩංගුවට  ගෙන ඇත.  
                                               
මොවුන්  රාත්‍රියේදී නිවෙස්වලට ඇතුළු වී භාණ්ඩ   සොරා  ගෙන ඇති  බව  මුලික  පොලිස්   පරීක්ෂණවලදී  අනාවරණය වී ඇත.