නිවෙසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට


( නිශාන්ත කුමාර)
 
රිදීමාලියද්ද පොලිස් වසමට අයත් ඌරණිය ගම්මානයේ නිවසක සඟවා තිබූ   විදේශීය රටක නිෂ්පාදනය කළ බවට සැක කෙරෙන පතරොම්  තුවක්කුවක් සමඟ සැකකරුවෙක් අද (25) අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලීසිය පවසයි.

 
අත් අඩංගුවට පත්ව ඇත්තේ රිදීමාලියද්ද ඌරණිය ගම්මානයේ  පදිංචි  58 හැවිරිදි පුද්ගලයෙකි.