නිවාඩු ලබා පැමිණි නාවික සෙබළු 16 ක් නුවරඑළියේ


( සිසිර ලලිත් කුමාර )

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලබා පැමිණි සෙබලුන් 16 දෙනෙකු නුවරඑළිය  දිස්ත්‍රික්කයේ හඳුනාගෙන ඇති බවත් ඔවුන්  මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත්  නුවරඑළිය  ප්‍රාදේශිය වසංගත රෝග වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

ඊට අමතරව ඔවුන්ගේ පී සී ආර්  පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 

නිවාඩු ලබා පැමිණි නාවික සෙබලුන් හා ඔවුන්ගේ නිවැසියන් දැනට නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන්ට යම්  රෝගී ලක්ෂණ මතු  වන්නේ දැයි  විමසිලිමත් වන බවත්  පවසන වෛද්‍ය  මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.