( රංජිත් රාජපක්ෂ )
ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ පාලනය වන හැටන් නොර්වුඩ් නිව්වැලිගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු හදිසියේ රෝගාතුර විමෙන් දික්ඔය මුලික රෝහල වෙත අද (11) ඇතුළත් කළ බව එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ විදුහල්පතිනි බෙංජමින් මහත්මිය පැවසුවාය.
එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටි තරුණයන් 7 දෙනෙකු සහ තරුණියන් 19 දෙනෙකු හදිසියේ රෝගාතුර වූ නිසා රෝහල් ගත කළ බව විදුහල්පතිනිය සඳහන් කළාය.
රෝහල්ගත කළ තරුණ, තරුණියන් අතරින් එක් තරුණියක් පමණක් තවදුරටත් නේවාසික ප්‍රතිකාර ලබන අතර සෙසු තරුණ තරුණියන් රෝහලේ බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා ගැනිමෙන් අනතුරව පිටවී ගොස් තිබේ.
එම පිරිසට අද (11) දින නිවාඩු ලබා දුන් බව විදුහල්පතිනිය කියා සිටියාය.
ජුකී මැෂින්, පරිගණක, විදුලි කාර්මික ඇතුළු විෂයන් ගණනාවක් සම්බන්ධයෙන් තරුණ තරුණියන් 135 දෙනෙකු තම පාසල තුළ පුහුණුවිම් ලබන බවත්, අද (10) එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට දිවා ආහාරය අනුභව කල තරුණ තරුණියන් අතරින් 26 දෙනෙකු පමණක් පාචන රෝගය වැළදී ඇති බවට රෝහල් ආංරංචි මාර්ග සඳහන් කළ බව විදුහල්පතිනිය සඳහන් කළාය.