නිවසේ සැඟව සිටි වෙළන්දෙකු පවුලේ උදවිය නිරෝධායනයට


(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල අන්දෙනිය ප්‍රදේශයේ නිවසකට හොර රහසේ පැමිණ සැගවී සිටි වෙළෙන්දකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අද (26) සිය නිවෙස් තුළදී ස්වයං නිරෝධනයට ලක් කළ බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බී .ඩබ්ලිව් .පියල්පත්ම මහතා පවසයි .

බදුල්ල සිට වවුනියාව ප්‍රදේශයේ වෙළෙඳාම් කටයුතු සදහා ගොස් නිරෝධනය නීති රීති උල්ලංඝනය කරමින් මෙලෙස සැගව සිට ඇත.

මොහු වෙළෙඳාම් කටයුතු සදහා බලපත්‍ර රැගෙන පසුගියදා වවුනියාව ප්‍රදේශයට ගොස් ඇති බවත් ,එහිදී එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබා දුන් ස්වයං නිරෝධනය නීති රීති උල්ලංඝනය කරමින් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නොදන්නවා හොර රහසේ බදුල්ලට පලාවිත් බදුල්ල අන්දෙනිය බිරිඳගේ නිවසේ සැගවී සිටියදී ලද තොරතුරක් මත මොහු සොයා ගෙන නිරෝධනයට ලක් කළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල්පත්ම මහතා වැඩිදුරටත් සදහන් කළේය .