(තිලකරත්න දිසානායක)
යක්කල,අලුත්ගමවත්ත නිවසකට ගිනි ඇවිලීමෙන් නිදියහනේ සිටි 69 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ විතානගේ මාග්‍රට් හපුආරච්චි නමැති විවාහක කාන්තාවකි.
ඊයේ (8) රාත්‍රී 11 ට පමණ මෙම නිවසෙහි ගින්නක් ඇවිලෙනු දැක ඇති අසල්වාසීන් විසින් ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය වෙත දැනුම් දීමෙන් පසු පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.
මියගිය කාන්තාවගේ සැමියා කලකට පෙර මියගොස් ඇති අතර දරුවන් නොමැති ඇය නිවසෙහි තනියෙන් දිවි ගෙවා තිබෙන බව පොලිසිය පවසයි.