(මොරගහහේන - කේ. බුද්ධික කුමාරසිරි)
ඩුබායිහීදි අත්අඩංගුවට පත් පාතල නායකයෙකු වන මාකදුරේ මදුෂ් නැමැත්තාගේ අනියම් බිරිඳගේ බව කියන මෝටර් රථයක් පාදුක්ක පෝරේ ගෙදර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
තම මෝටර් රථය පරීක්ෂා කල අවස්ථාවේදී එම රථයට අයත් කිසිදු බලපත්‍රයක් මෝටර් රථය තිබූ නිවැසියන් සතුව නොතිබූ බැවින් අදාල නිවසෙහි පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකුවද සැකපිට අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
තම මෝටර් රථය කිසියම් අපරාධමය කටයුතු සදහා යොදා ගෙන ඇත්දැයි යන්න වැඩි දුරටත් පරීක්ෂණ පවත්වන බවද උසස් නිලධාරියෙක් පැවසීය.