නිවසක සඟවා තිබූ බඳින තුවක්කු 5ක් සමග අයෙක් අත්අඩංගුවට


ප්‍රසන්න පත්මසිරි

බිබිල මල්ලැහැව කරගහවෙළ ගම්මානයේ නිවසක සගවා තිබු සතුන්ට බදින තුවක්තු පහක් හා එයට යොදන ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අද (27 )අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකටයුතු නිවසේ පිටුපස කිතුල් කෙටයක බෙනයක් තුල කුවක්කු සගවා තිබියදි වෙඩි බෙහෙත්  ඊයම් බෝල සමග නිවෙස් හිමියා අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු දොරපොද ඇතුළු ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරවල ජීවත් වන සතුන් දඩයම් කිරීම සදහා මෙම තුවක්කු උපයෝගි කරගෙන තිබෙන බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් සැකකරු තුවක්කු,වෙඩි බෙහෙත් සහ ඊයම් බෝර බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බිබිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනවිරත්න මහතාගේ උපදෙස් මත නිලධාරීහු වැටලීම සිදුකළහ.