( නිශාන්ත කුමාර සහ ප්‍රසන්න පද්මසිරි )
රිදීමාලියද්ද කන්දෙගම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමකදී එහි නිවෙස් දෙකක සඟවා තිබූ බලපත්‍ර නොමැති මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු දෙකක් සහ වන සතුන් දඩයම් කිරීම සඳහා අටවනු ලබන බට තුවක්කු හයක් (06) සැකකරුවන් දෙදෙනෙකුද සමඟ අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
ඊයේ සවස මෙම ගිනි අවි සසමඟ අත්ඩංගුවට ගෙන ඇත්තේ කන්දෙගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 57 හා 58 යන වයස්වල පසුවන දෙදෙනෙකි.
හේන් වලට කඩා වදින වන සතුන් දඩයම් කිරීම පිණීස මෙම තුවක්කු තබාගෙන සිටි බව සැකකරුවන් පොලීසියට පවසා ඇත.
රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති රොෂාන් එස් බන්දුලසේන මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.