(ජේ. කේ. එල්. චාමින්ද සහ එඩී.ජී.සුගතපාල)
වලහන්දුව සේනානායක මාවතේ නිවසක කාමරයක් තුළ වගාකර තිබූ ගංජා පැළ හතක් සමඟ නවසීලන්ත ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ නිවාරණ ඒකකය පවසයි.
ගංජා වැළවලට අවශ්‍ය වාතය හා හිරු එළිය ලබාගැනීම සඳහා විශේෂ යන්ත්‍රයක් උපයෝගී කරගෙන ඇතැයි පොලිසිය කියා සිටී.
සැකකරු ගංජා වලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කොට “කුෂ්“ නමැති මත්ද්‍රව්‍යක් ද නිෂ්පාදනය කර තිබේ.
කොළඹ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ කොට්ඨාසයේ නිලධාරීන් සහ අක්මීමණ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව කරන ලද වැටලීමකදී සැකකාර විදේශිකයා අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (26) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අක්මීමන පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.