නිධන් හෑරූ පුද්ගලයෙක් අල්ලයි


(ඩබ්.ඒ. පියතිලක)


හිඟුරක්ගොඩ ඌණගලාවෙහෙර රාජමහා විහාරස්ථානය ඉදිරිපිට නිවසක (22) පෝය දින පස්වරවේදී  බැකෝ යන්ත්‍රයක් යොදාගෙන නිධානයක් ගැනිම සදහා කැණිමි කරමින් සිටියදි නාවික සෙබළෙක් ඇතුඑ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.

හිඟුරක්ගොඩ පොලිසියට ඌණගලාවෙහෙර විහාරස්ථානය ඉදිරිපිට නිවසක පිටුපස නිධානයක් ගැනිමට තැන් කරමින් සිටින බවට  ලද තොරතුර අනුව  එම ස්ථානය වෙත  පොලිසිය යන විටත් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් කැණිමි කරමින් සිටි ඇත. කැණිමි සිදු කරමින් සිටි ස්ථානයේ  පැරණි නටඹුන් ද පිහිටා තිබු බව පොලිසිය කියයි. කෙසේ නමුත් එම ස්ථානයේ විශාල වළක් කැණිමි කර තිබේ.

එම නිවසේ හිමිකරු වන නාවික හමුදාවේ සේවයේ නියුතු අයෙකු සහ බැකෝ රථ රියදුරු ඇතුඑ සහායකවරයා අත්අඩංගුවට ගෙන  ඇත.   

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජී. ධමිමික විරසේකර මහතා සහ පොලිස් අධිකාරි තිස්ස ලාල්ද සිල්වා යන අයගේ උපදේස් පරිදි හිඟුරක්ගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද වෛද්‍යතිලක මහතාගේ මෙහෙයවිමෙන් උප පොලිස්  පරික්ෂක සෙහාන්, පොලිස් සැරයන් 27945 නන්දසේන, පොලිස් කොස්තාපල් 51135 ලලිත්  66971 හේමන්ත  91156 සදරුවන්,  සිවිල් ආරක්ෂක  038095  ප්‍රේමකුමාර වන නිලධාරින් මෙම වැටලීමට සහභාගි වී ඇත. හිඟුරක්ගොඩ පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.

අත්අඩංගුවට ගත් බැකෝ යන්ත්‍රය ඇතුඑ සැකකරුවන් තිදෙනා (23) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.