නිධන් හැරූ තිදෙනෙක් අත්අඩංගුවට



(දිලීප් ජයසේකර)

සෙවනගල හබරුගල මුලගිරි ආරණ්‍ය සේනාසනයේ නිදන් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (14) අලුයම අත්අඩංගුවට ගත් බව සෙවනගල පොලීසිය පවසයි.


මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිගම්පිටිය ප්‍රදේශයන්හි සැකකරුවන් සැකකරුවන් තිදෙනෙකි.


සැකකරුවන් තිදෙනා සමඟ නිදන් හෑරීමට යොදා ගත් උදළු, අලවංගු ඇතුළු උපකරණ කිහිපයක් හා ඔවුන් පැමිණි ලොරි රථයක් හා කැබ් රථයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යු.එම්.අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ෂණ පවත්වන අතර සැකකරුවන් ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය