නිධන් හාරමින් සිටි 9 ක් අත්අඩංගුවට‍


 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )  
                       
මොරන්තුඩුව කලපුගම විදානගම වත්ත ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක  නිධන් හාරමින් සිටි  කට්ටඩියෙක්  බව කියා ගන්නා  පුද්ගලයකු ඇතුළු  නව දෙනෙක්  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
                   
එම පිරිස සමඟ ත්‍රිශූලයක්  නවගුණ වැල් කීපයක් ,තඹ පාසළඹ කීපයක්,යකඩ ඉන්නක්,උදලු කිහිපයක් ,  එළගිතෙල් මිශ්‍ර කිරිබත් බිත්තර, මල් පහන් ඇතුළු පූජා භාණ්ඩ රැසක්,නයි රූප කීපයක් පංච බෙල්ලන් ., පැදුරු  මෙන්ම  ඔවුන් පැමිණි සුඛෝපභෝගී  මෝටර් රථයක් සහ වෑන් රථයක් ද  පොලිස් භාරයට ගෙන ඇත