නිධන් සෙවූ දෙදෙනෙක් අත්අඩංගුවට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නවගත්තේගම මොරගහවැව රක්ෂිතයේ කුඩා දොඩම්අත්තාව වැවේ ඉස්මත්තේ ගල් තලාවක නිධන් ලබා ගැනීමේ අරමුණින්  කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (30) අත්අඩංගුවට ගත් බව නවත්තේගම පොලිසිය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හලාවත හා නවගත්තේගම මහපිටිය පදිංචිකරුවන් දෙදෙනෙකි.

පැය තුනක කාලයක් පොලිස් නිලධාරීන් මහ වනයේ රැකවල් ලා සිට නිධන් කැණිම් සිදුවු ස්ථානය වටලා සැකකරුවන් දෙදෙනා සමග උපකරණ රැසක්ද අත් අඩංගුවට ගත් බව කියයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනිමේන් පසුව මොවුන් බේරා ගැනිමට සදහා පොලිස් නිලධාරින්ට රුපියල් ලක්ෂ දෙකක අල්ලස් දීමට කටයුතු කල කටුනායක  ගුවන් තොටුපල ගිනි නිවන එකකයේ නිලධාරියකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නවගත්තේගම කිරීමැටියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවය.