නිදන්ගල රක්ෂිතයේ ගින්කින් අක්කර 10 ක් විනාශයි


(ඩී.කේ.රත්න)
 
හාලිඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩුවර රොසට්වත්ත නිදන්ගල කදු රක්ෂිතයේ අද (27) හවස ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.


මෙම ගිනි ගැනීම නිසා මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාඛ හා සත්ව විශේෂ රැසක් විනාශවී ඇතයි පරිසරවේදීහු කියති.


වළගම්බා රජුගේ දියණියට අයත් ස්වර්ණාභරණ මෙම කදුවැටියේ ගල්තලාවක නිදන් කර ඇතයි ජනප‍්‍රවාදයේ සඳහන් වන අතර එම නිසාම මෙම කදුවැටිය නිදන්ගල කදුවැටිය නමින් ප‍්‍රචලිතවී තිබේ.


කිසියම් පුද්ගලයෙකු විසින් මෙම කදුවැටියට ගිනි තබන්නට ඇතයි හාලිඇල පොලීසිය පවසයි.  හාලිඇල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.