නිදන් හෑරීමට ගිය සිව් දෙනෙක් අත්අඩංගුවට



 
 
(සුමතිපාල දීයගහගේ) 
 
කතරගම සෙල්ලකතරගම ඩෝසර් වැව රක්ෂිතයේ නිදන් හෑරීමට යමින් සිටි පුද්ගලයින් හතර දෙනෙකු හම්බන්තොට විශේෂ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


මෙම පිරිස විසින් නිදන් හෑරිමට රැගෙන යමින් තිබු උදලු සහ අලවංගු කීපයක් ද පොලිස් බාරයට ගෙන තිබේ. 


මොවුන් සිව්දෙනා  ඩෝසර් වැව රක්ෂිතයේ නීති විරෝධි ලෙස නිදන් හෑරිමට යන බවට ලැබුණ තොරතුරක් මත අතරමගදී පොලිස් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.


අවුරුදු 52, 35, 32 සහ 27 යන වයස්වල පසුවන මොවුන් සියලුදෙනාම කතරගම පදිංචිකරුවෝ වෙති. 


සැකකරුවන් අද (7) තිස්සමහාරාමය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.