(කුෂාන් ජයවර්ධන)
කැකිරාව මඩාටුගම දුනුමඬලාව ප‍්‍රදේශයේ ගෙවත්තක පිහිටි ගල් තලාවක නිධන් සොයා අනවසර කැනීමක් සිදුකරමින් සිටි කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙක් කැනීම් උපකරණ රැසක් සමඟ අද (28) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
අදාල නිවස පසුපස අනවසර කැනීමක් සිදුවන බවට කැකිරාව පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් අනුව සිදුකළ වැලීමකදී සැකකරැවන් හා අදාළ කැණීම් උපකරණ තොගය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.
වැටලීම සිදුවන අවස්ථාවේදී එක් සැකකරැවකු පලා ගොස් ඇති අතර එම සැකකරු මේ වනවිට පොලිසිය හඳුනාගෙන ඇති අතර පලාගිය එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මඩාටුගම දුනුමඬලාව ප‍්‍රදේශෙය් පදිංචි 56 හැවිරිදි කාන්තාවක්, හිඟුල ඕවත්ත ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක් , දෙහිඕවිට පිටිදෙනිය ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාව මින් පෙරද නිධන් සොයා අනවසර කැනීම් සිදු කිරීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත් තැනැත්තියක් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් කාන්තාව ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට (29) කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.