(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පල්ලිවාසල්තුරේ කළපුතීරයේ අටවා තිබූ නිති විරෝධී කූඩු දැල් කට්ටල 21 ක්,අද (11 ) කල්පිටිය විජය නාවික හමුදාවේ සහායෙන්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම කූඩු දැල් ඉස්සන් ඇල්ලීමට භාවිතා කරණ බවත් ඉස්සන්ට අමතරව මෙම දැලට අනෙකුත් මත්සය පැටවුන් විශාල වශයෙන් හසුවන බැව්,පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසයි. මෙම දැල්
නිසා කලපුවේ අනෙකුත් දැල් භාවිතා කරන ධීවරයින්ට සිය රැකියාවේ නිරත වීමට බාධා ඇති වන බැව් ඒ මහතා පවසයි.
1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනතින් මෙම දැල් භාවිතය සපුරා තහනම් බැව් වාර්තා වේ. අත්අඩංගුවට පත් දැල් කට්ටලවල වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්නය.