(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මැරවල කලපු දුපතක රහසිගතව පවත්වා ගෙන ගිය නිති විරෝධි ස්කාගාරයක් වටලා මත්වතුර පෙරමින් සිටි පුද්ගලයෙකු සමග පෙරුම් උපකරණ තොගයක් සමග මත්පැන් තොගයක් අත් අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
හලාවත කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය වෙත ලැබි තිබු තොරතුරක් මත එම ඒකකයේ නිලධාරින් බෝට්ටුවකින් මැරවල කලපු දුපත කරා අද ( 26 දා ) දහවල් ගිය අවස්ථාවේ දි දුපතේ කඩොලාන පදුරු අතර සැකකරු රහසිගතව මත්පැන් පෙරමින් සිටි බව කියයි.
ඒ සමගහ අරක්කු ස්ප්‍රිතු බෝතල 200 ක් යකඩ බැරල් 11 ක් ගෑස් ලිප් දෙකක් හා ගැස් සිලින්ඩර් දෙකක් ඇතුළු උපකරණ තොගයක් ද අත් අඩංගුවට ගත් බවත් කියයි.
සැකකරු හලාවත මැරවල පදිංචි 39 වන වියේ පසුවන අයෙකු බවත් කියයි. වැඩිදුර පරික්ෂණ සිදුකෙරේ.