නැ’හිර වෙන් නොකරන කසළ බාරනොගනී


(මහේෂ් කිර්තිරත්න) 

කැළිකසළ බැහැර කිරීම වඩා විධිමත් කිරිමේ අරමුණින් ලබන මාර්තු 01 වන දා සිට නැගෙනහිර පළාතේ වෙන් නොකරන කැළිකසළ බාර නොගැනීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (3) පැවැති විශේෂ හමුවකදී තීරණය විය.

ඒ අනුව මෙම තීරණය පළාතේ සියළු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දන්වා යවන ලෙස පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් යූ.එල්.ඒ අසීස් මහතාට ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය.

පළාත් පාලන ආයතන විසින් වෙන් නොකළ කැළිකසළ ලබා ගැනීම හේතුවෙන් කැළිකසළ බැහැර කිරිමේදි පළාතේ සෞඛ්‍ය ගැටළු රැසක් මතුවී ඇති බවත් විධිමත් ලෙස එම කැළිකසළ බැහැර නොකීරිම හේතුවෙන් වල් අලි ගැටලු ද වැඩි වී ඇති බවත් මෙම හමුවේදි අනාවරණය විය.

මින් ඉදිරියට දිරන සහ නොදිරන වශයෙන් වෙන වෙනම කැළිකසළ එකතු කිරිමේ කටයුතු සිදු කරන ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දන්වා යවන ලෙසද ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය.

මෙම තීරණයන් පිළිබදව ලබන මාර්තු 1 වැනිදාට පෙර ජනතාව දැනුවත් කිරිමේ ක්‍රමවේදයක් සකසන ලෙසද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය.

මේ අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් යූ.එල්.ඒ අසීස්, පළාතේ සහකාර පළාත් පාලන කොමසාරිස්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

කැළිකසළ බැහැර කරීම වඩා විධිමත් කිරිමේ අරමුණින් ලබන මාර්තු 01 වැනි දා සිට නැගෙනහිර පළාතේ වෙන් නොකරන කැළිකසළ බාර නොගැනීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ හමුවකදී තීරණයවිය.