නැ‘හිර ගුරුමාරු ප්‍රතිපත්තිය ලබන වසරේ සිට ක්‍රියාත්මකයි


( අමදෝරු අමරජීව)

දැනට සකස්කර අතර මග නැවති ඇති නැගෙනහිර පලාතේ “ ගුරුමාරු  ප්‍රතිපත්තියේ සියලු කටයුතු නිමවා ලබන වසරේ සිට එය ක්‍රියාත්මක කිරිමට පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට අනුගත වෙමින් සකස් කරගෙන ඇති මෙම පලාත් ගුරුමාරු ප්‍රතිපත්තියේ සියලු කටයුතු අවසන් කිරිමෙන් පසු ආණ්ඩුකාර අනුමැතියට යොමුකිරිමට  කටයුතු කරණ බව පලාත් අධ්‍යාපන ලේකම් අයි.කේ.ජි. මුතුබණ්ඩා මහතා පැවසිය.

මේ අනුව 2019 වසරේ සිට ගුරුමාරුවිම් පලාත් ප්‍රතිපත්තියේ සදහන්  අන්තර ගත වලට අනුකුලව සිදුකිරිමට කටයුතු කෙරේ.

අදාල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම තුලින්  සේවා කාල සම්පුර්ණ කරන ගුරුවරුන්ව අසාධාරණයන්ට ලක්නොවි අන්තර පලාත් ස්ථාන මාරුවිම් ලබාගැනිමට කිසිදු බාධාවක් නොවන බවට පලාත් අධ්‍යාපන ලේකම්වරයා විශ්වාසය පළ කළේය.