නාවුල කම්මල්කරුවෝ නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව සුසුම්ලති


(ඉන්දික අරුණ කුමාර)

මාතලේ දිස්ත්‍රික්කයේ පැරණිතම කම්මල් ගම්මානය වන බෝවතැන්න වත්ත ගම්මල් ගම්මානයේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දී දුෂ්කරතා රැසක් මතුව ඇතැයි කම්හල්කරුවෝ පවසති.
 
වසර විසි පහකට අධික කාලයක සිට පරම්පරා කිහිපයක උරුමකරුවන් වන මෙම ගම්මානයේ කම්හල්කරුවන් කියා සිටියේ මුලුතැන්ගෙයි උපකරණයේ සිට වගා බිම් සදහා ද අවශ්‍ය නිෂ්පාදන සිය ගම්මානයේ නිපදවන බවයි.
 
එහෙත් යකඩවල පවතින මිල, අගුරු ලබාගැනීමේ ගැටළු හේතුවෙන් සිය කර් මාන්තය ඉදිරියට පවත්වාගෙන යෑමේ දුෂ්කරතා මතුව ඇතැයි ඔවුහු කියති.
 
ගම්මානයේ  නිපදවන කැති, පිහි, හිරමනා තළ මෙන්ම කුඹුරු වගාවන් සදහා යොදා ගැනෙන දෑකැති වැනි උප කරණ ද විවිධ ප්‍රදේශ වලට රැගෙන ගොස් විකිණීම කලක් තිස්සේ සිදුකරන බව ගම් වැසියෝ කියා සිටිති.
 
ඊට අමතරව ඇලහැර මාර්ගයේ විවිධ ස්ථාන  වල ද සිය නිෂ්පාදන අලෙවි කරන බව ඔවුහු කියා සිටිති.
 
කෙසේ වෙතත් මෙම  අලෙවි ක්‍රම දෙකෙන්ම තමන්ට ජිවත් විමේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සිය නිෂ්පාදන අලෙවි  නොවන බවද 
කැත්ත උදැල්ල පැත්තකට දමා යන්ත්‍ර මත යෑපීම නිසා මිනිසුන් රෝගීන් බවට පත්වන බව පෙන්වා දෙන බෝවතැන්න වත්ත ගම්මානයේ වැසියෝ  සිය නිෂ්පාදන අලවිකර ගැනීම සදහා වැඩපිළිවෙළක් සකසන ලෙසද ඉල්ලා සිටිති.