නාවික හමුදා සෙබළකු විදුලිසැර වැදී මරුට



 
 
(ඩී.කේ.රත්න)
 
තණමල්විල හම්බෙගමුව ප‍්‍රදේශයේ ජල පිරිපහදු මධ්‍යස්ථානයක සේවයේ නියුතුව සිටි නාවික හමුදා සෙබළෙකු අද (19) විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි හම්බෙගමුව පොලීසිය පවසයි.                           

පානම නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ යෙදී සිටින බුලූතොට සූරියකන්ද පදිංචි තම්මුණිගේ  අජිත් තුෂාර කරුණාරත්න නැමති 34 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු මෙලෙස මිය ගොස් ඇත.                                                                

තණමල්විල හම්බේගමුව නෙතුමිණි රජමහ විහාරස්ථානය අසල ජලය පිරිපහදු කර ප‍්‍රදේශයේ ජනතාවට පිරිසිදු ජලය ලබාදෙන මධ්‍යස්ථානයක ආරක්ෂාවට සිටි මෙම නාවික සෙබළා එම ජල පිරිපහදු මධ්‍යස්ථානයේ කාර්මික දෝෂයක් සකස් කිරීමට යාමේදී මෙම අනතුරට ලක්වී තිබේ.