(හැටන් රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් අද (01) ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය.
නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 300ක් පමණ මෙසේ වැසි ජලයෙන් යට වී තිබුණි.
වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විය.
සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යටවීම නිසා එම නගරයට පිවිසෙන පාර්භෝගික ජනතාව ගැටළු රැසකට මුහුණදීමට සිදුවිය