නාවන්න ගෙනා උණුවතුර බඳුන ඇදීමෙන් දරුවා පිළිස්සෙයි


(නිශාන්ත කුමාර)

තම දරුවා නෑවීමට මව ගෙනා උණුවතුර බඳුන ඔහු විසින් ම ඉවතට අදිනු ලැබීම හේතුවෙන් එය ශරීරයට වැටී උණු වතුරට පිළිස්සී  වයස අවුරුදු තුනහමාරක දරුවෙකු තුවාල ලබා අද (21) මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.
 
මෙලෙස රෝහල්  ගතකර ඇත්තේ මීගහකිවුල කිවුල,  4 කනුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනහමාරක දරුවෙකි.