නාඳුනන මළ සිරුරක් ආලංකුඩා වෙරළේ


(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
     
කල්පිටිය ආලංකුඩා වෙරළ තිරයට අද ( 18) උදෑසන නාදුනන පිරිමි මළ සිරුරක් ගොඩ ගසා තිබු බව නොරෝච්චෝල පොලිසිය පවසයි.
 

මෙසේ ගොඩ ගසා තිබු පිරිමි මළ සිරුර වයස අවුරුදු 40 කට ආසන්න පුද්ගලයකු බවට සැක කරන බවද පොලීසිය පවසයි.

 ඔහු  නිල් පැහැති කලිසමකින් හා නිල් පැහැති කොටු සහිත ටි ෂර්ට් එකක් හැද සිටි  අතර ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.