(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව, නවනගරය, අක්කර 500, වීර පෙදෙස ප්‍රදේශයේ පිහිටි වාරි ඇළක තිබී නාඳුනන පුද්ගල පිරිමි මළ සිරුරක් අද (26) පෙරවරුවේ හමුවී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 38 - 40 ක් වන බව ද පොලීසිය සඳහන් කළේය. පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.