( ක.ග කරුණාරත්න)
හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අංක 124 කිලෝමීටර් කණුව ,යකාවංගුව ආසන්නයේ පිහිටි බෝක්කුවක් යට තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (10) හමු වූ බව හබරණ පොලීසිය කියයි.
මළ සිරුර බෙහෙවින් නරක් වී ඇතැයි ද ඒ අසල තිබී යතුරු පැදියක් ද හමුවී ඇති බවත් බොහෝ විට යතුරුපැදිය අනතුරට ලක්වීමෙන් මේ පුද්ගලයා මිය යන්නට ඇතැයි සැකකරන බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු කීහ.
ඒ සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ අද (10) සිදුකිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කළේය.
හබරණ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
නාඳුනන පිරිමි මළ සිරුරක් බෝක්කුවක් යට
Recommended Articles