නළ ළිං ඉදිනොකරන්නැයි ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයේ



(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
මීරිගම ලෝලුවාගොඩ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර මට්ටමේ පොල් නිෂ්පාදන කර්මාන්ත ශාලා භූමියක නළ ළිඳක් ඉදිකිරීමට එරෙහිව අද(22) ගිරිඋල්ල පස්යාල මාර්ගය සමීපයේ එම කම්හල ඉදිරිපිටදී ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නියැලුණහ.
 
නළ ළිං ඉදි කිරීමෙන් තමන්ට  ඉදිරියේදී ජල අවශ්‍යතා සඳහා ගැටලු මතුවන බව ජනතාව චෝදනා කළහ.
 
ඔවුහු සේවකයන්ට කම්හල් භූමියට යාම අවහිර වන පරිද්දෙන් මග අවුරා විරෝධය පළ කළහ.
 
විරෝධතාව හේතුවෙන් එම කම්හලට අමුද්‍රව්‍ය රැගෙන ආ වාහන ගණනාවක්ද පාර අයිනේ නවතා තැබීමට සිදුවිය.
 
සිල්වර්මිල් ආයතනයේ මානව සම්පත් නියොජ්‍ය සමූහ සාමාන්‍යාධිකාරි තුසිත ජයමාන්ත මහතා  උද්ඝෝෂකයන් හා පොලිසිය සමඟ සාකච්ඡා කළේය.
 
නළ ළිඳ වටා කොන්ක්‍රීට් ආවරණයක් දැමීමට එකඟවීමෙන් පසු උද්ඝෝෂණය අවසන් කෙරිණි.