(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම පළුකදවැවේ ජලය ගලා එන ඇළ මාර්ගයක තිබූ අත්බෝම්බයක් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අද (3) උදෑසන ආරක්ෂිතව පුපුරවා හැරි බව නවගත්තේගම පොලිසය පවසයි.
ඇළ මාර්ගයේ තිබූ මෙම අත් බෝම්බය ගවයින්ට තණ කැවීමට ගිය තරුණයකු දැක පොලිසියට දන්වා ඇති අතර පසුව පොලිසිය විසින් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායට දන්වා තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරින් විසින් ආරක්ෂිතව අදාළ අත්බෝම්බය ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමෙන් පසුව පුපුරවා හැරි බව කියයි.
කිසියම් පුද්ගලයකු මෙම අත්බෝම්බය වැවේ ඇළ මාර්ගයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.