(රංජිත් රාජපක්ෂ)
වත්මන් රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි කළ නව නිවාස 105 ක් වතු කම්කරු අයිතියට පත් කිරීම කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අතින් අද (10) සිදු කෙරිණි.
දිඹුල පොලිස් වසමට අයත් මවුන්වනන් වතුයායේ ඉදි කළ නිවාස 50 ක් සහ බෝගහවත්ත ප්‍රදේශයේ ඉදි වූ නිවාස 55 ක් මෙසේ වතු කම්කරු අයිතියට පත් කර තිබේ.
මෙම එක් නිවාසයක් සඳහා එම අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ 10ක් ප්‍රතිපාදන වැය කර ඇති අතර එම නිවාස සියලු පහසුකම්වලින් ද සමන්විත වෙයි.
වත්මන් රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් නිවාස 50,000ක් මේ වන විට නුවරඑලිය, බදුල්ල, රත්නපුර , කැගල්ල, මහනුවර , ගාල්ල, කළුතර යන දිස්‍ත්‍රික්කවල ඉදි කරමින් පවතී.
එම නිවාස කඩිනමින් ඉදි කර වතු කම්කරු අයිතියට පත් කරන බව මෙම අවස්ථාවේ පැවති ජනහමුවේදි අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම නිවාස සඳහා රජය මගින් හිමිකම් ඔප්පුවක්ද ලබාදීමට නියමිතය.