අමදෝරු අමරජීව
උප්පුවේලි පොලිස් වසමට අයත් කින්නියා ගයාත්‍රි කෝවිල පිටුපස කැලෑවේ ගසක අත්තක එල්ලෙමින් තිබූ නරක් වූ මළ සිරුරක් අද (02) අද සොයා ගත් බව පොලිසිය කියයි.
කැලෑවට ගිය අයෙකු මෙය දැක පොලිසියට දැනුම්දිමෙන් පසු උප්පුවේලි පොලිසිය පැමිණ පරික්ෂණ ඇරඹීය.
මියගිය පුද්ගලයා කාගේ කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැති අතර ඊට නුදුරින් මුස්ලිම් ජාතිකයන් හිසේ පළදින තොප්පියක් තිබී හමු වී තිබේ. ඒ අසල කමිසයක්ද ඇති අතර මියගිය අය මුස්ලිම් ජාතික පිරිමි අයෙකු බවට සැකකරයි.
තංගුස් ලනුවකින් එල්ලෙමින් තිබු සිරුරේ අත්කොට බැනියමක් හා සරමක් තිබිනැයි පොලිසිය කියයි. මියගිය අය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්විමට නියමිතය.